Skip to main content

Posts

Showing posts with the label සිත් ගත් ගී පද

සුපෙම් හැඟුම්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා... දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන් ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ පද රචනය: ආරියවංශ කුලතිලක ගායනය: ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර තනුව: රෝහණ වීරසිංහ