Skip to main content

Posts

Showing posts from September, 2020

සිංහල පැරණි ජන කියමන්

සිංහල පැරණි ජන කියමන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනලු කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙං හවුලේ කැදත් එපා හැමදා නියං එක දා වැහි වලාවේ වැඩි සෙනේ දබරෙටයි ලහත් තිඹයි, තිඹත් ලහයි මගුල් දාට මුත්තත් අමුත්තයි බලය දැකැ මුදලේ - කුළය රිංගා ගියයි අකුලේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ වෙහෙර ගිලපු ඇතාට අග්ගල කජ්ජක්ද කියලත් කියනවා දත් නැති දා උක් දඬු ගිනි තපින්නද කන කොකාගේ සුද පේන්නෙ ඉගිලෙන කොටලු හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවලු වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්

මෛත්‍රී භාවනාව (පාළි – සිංහල)

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා.. අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා.. අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.. සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද, මාතා පිතරෝ – මව් පියවරු ද, හිත සත්තා – හිතවත් සත්වයෝ ද, මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද, වේරීසත්තා – වෛරී සත්වයෝ ද, අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා, අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා.. අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා.. සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා.. දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා.. යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා.. කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය. ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින, ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින, ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින, ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින, ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින, ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින, ඉස්සර ජනා – අධිපති ජනයෝ, සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු, සබ්බේ සත්තා – සියලු සත්වයෝ, අවේරා හො