Skip to main content

Posts

Showing posts with the label සිංහල

සිංහල පැරණි ජන කියමන්

සිංහල පැරණි ජන කියමන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනලු කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙං හවුලේ කැදත් එපා හැමදා නියං එක දා වැහි වලාවේ වැඩි සෙනේ දබරෙටයි ලහත් තිඹයි, තිඹත් ලහයි මගුල් දාට මුත්තත් අමුත්තයි බලය දැකැ මුදලේ - කුළය රිංගා ගියයි අකුලේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ වෙහෙර ගිලපු ඇතාට අග්ගල කජ්ජක්ද කියලත් කියනවා දත් නැති දා උක් දඬු ගිනි තපින්නද කන කොකාගේ සුද පේන්නෙ ඉගිලෙන කොටලු හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවලු වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්

බුදු මුවින් විශ්වය ගැන බිදක්

එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ....(පෙ).... එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා. ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?” “පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.” දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි ....(පෙ).... “පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.” තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිග...

මහාවංශය – ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව

ඔබ සිංහලයෙක් ද? ඔබගේ සිංහල ජාතියට අයත් ඒ සිංහල රාජවංශය පිළිබඳ අපූර්ව ඉතිහාස කථාව මෙතෙක් කියවා නැද්ද? ඔබ බෞද්ධයෙක් ද? ඔබගේ බෞද්ධ පරම්පරාවට උතුම් බුදු දහම ලැබූ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මෙතෙක් කියවා නැද්ද? එසේ නම් වහා ම කියවන්න… කියවන්න ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%...

අංගුලිමාල පිරිත සිංහල අර්ථය සමග

 පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධෝවනං උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධේති තං ඛණේ ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං කප්පට්ඨායිමහාතේජං – පරිත්තං තං භණාමහේ ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරු කර දමන්නේ ය. ගර්භිණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නී ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු. ඒ ගාථාවලින් ඒ පිරිතේ බලය ගැනයි කියවෙන්නේ. බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ අංගුලිමාල ස්වාමීන් වහන්සේගේ බලය කල්පයක් පවතීවා යි අධිෂ්ඨාන කර තිබෙනා සේක. අනාගත බුද්ධ ශාසනයේ ද කුසදරු මව්වරුන්ට සුවසේ දරුවන් ප්‍රසූත කිරීමට අංගුලිමාල පිරිත ම, මෛත්‍රී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කරනු ඇත. ඒ උතුම් සත්‍යක්‍රියාව මෙසේ ය. යථෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේ...

ඛන්ධ පිරිත සිංහල අරථය සමග

විරූපක්ඛේහි මේ මෙත්තං - මෙත්තං ඒරාපථේහි මේ ඡබ්‍යාපුත්තේහි මේ මෙත්තං - මෙත්තං කණ්හාගෝතමකේහි ච විරූපාක්ෂ සර්ප රාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා ඒරාපථ සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා කණ්හාගෝතමක සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං - මෙත්තං බහුප්පදේහි මේ පා කිසිවක් නැති සියලු සතුන් වෙත මාගේ මෙත් සිත වේවා දෙපයින් යුතු වූ සියලු සතුන් වෙත මාගේ මෙත් සිත වේවා පා සතරක් ඇති සියලු සතුන් වෙත මාගේ මෙත් සිත වේවා බොහෝ පාද ඇති සියලු සතුන් වෙත මාගේ මෙත්සිත වේවා මා මං අපාදකෝ හිංසි - මා මං හිංසි දිපාදකෝ මං මං චතුප්පදෝ හිංසි - මා මං හිංසි බහුප්පදෝ පාද රහිත වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා දෙපයින් යුතු වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා පා සතරක් ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා බොහෝ පාද ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා සබ්බේ සත්තා සබ්බේ පාණා – සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා ලොවේ සියලු ම සත්වයෝ, ලොවේ පණ ඇති සියල්ලෝ ලොවේ ඉපදී සිටින්නා වූ යම්තාක් වූ ...

රතන සූත්‍රය සිංහල අර්ථය සමග

යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං භූත පිරිස් කිසිවෙකු මෙහි - සිටිත් ද රැස් වුන අහසේ හෝ පොළොවේ හෝ - ඒ හැම එක් වුන සියළු භූතයෝ සැප ඇති - සිත් ඇති වෙත්වා! එමෙන්ම මා පවසන දෙය - හොඳින් අසත්වා! තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා සියළු භූතයනි එනිසා - අසව් යොමා සිත මෙත් සිත පතුරව් නිතරම - හැම මිනිසුන් වෙත ඒ කිසිවෙක් තොප හට පින් - දිව රෑ පුද දෙත පමා නොවී තෙපි ඒ හැම - නිති සුරැකිය යුත යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු! මෙහි හෝ පරලොව හෝ ඇති - යම් වස්තුවකට දෙව්ලොව හෝ තිබෙනා යම් - උතුම් ම මැණිකට නොහැකිය ගන්නට කිසිවිට - බුදු රජ සම කොට මෙය බුදු සමිඳුගෙ පවතින - උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම - සෙත සැලසේවා! ඛයං විරාගං අමතං පණීතං යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ න තේන ධම්මේන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි ...

ඡත්ත මානවක ගාථා

බුදුරජාණන් වහන්සේ විසින් ඡත්ත මානවකයන් හට දේශණා කළ ගාථා. යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපේහී කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න. රාග විරාග මනේජ මසෝකං – ධම්ම මසංඛත මප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපේහි ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න. යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගේසු අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපේහි යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ...

සිංහල ජන ගීයක්

භවන් තෙපුළ සොමි ගුණෙහි ළතාවේ රුවන් වැලක මිණි ඇමුණු ළතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ බෙලෙන් ඔබට සෙත දෙන් මෙ පතාවේ දළදා ඉර ගුණ තුන් ලොව පැතිර යනා අණසක පවතිනවයි මේ මුළු දෙරණා අණ විණ රෝග දොස දුරු කර බල වඩනා ගණ දෙවි නුවණ ලැබ සතොසින ආවඩනා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද

සුපෙම් හැඟුම්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා... දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන් ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ පද රචනය: ආරියවංශ කුලතිලක ගායනය: ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර තනුව: රෝහණ වීරසිංහ