Skip to main content

Posts

Showing posts from May, 2020

බුදු මුවින් විශ්වය ගැන බිදක්

එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ....(පෙ).... එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා. ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?” “පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.” දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි ....(පෙ).... “පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.” තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිග