Skip to main content

Posts

Showing posts with the label ඉතිහාසය

සිංහල පැරණි ජන කියමන්

සිංහල පැරණි ජන කියමන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනලු කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙං හවුලේ කැදත් එපා හැමදා නියං එක දා වැහි වලාවේ වැඩි සෙනේ දබරෙටයි ලහත් තිඹයි, තිඹත් ලහයි මගුල් දාට මුත්තත් අමුත්තයි බලය දැකැ මුදලේ - කුළය රිංගා ගියයි අකුලේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ වෙහෙර ගිලපු ඇතාට අග්ගල කජ්ජක්ද කියලත් කියනවා දත් නැති දා උක් දඬු ගිනි තපින්නද කන කොකාගේ සුද පේන්නෙ ඉගිලෙන කොටලු හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවලු වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්

මහාවංශය – ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව

ඔබ සිංහලයෙක් ද? ඔබගේ සිංහල ජාතියට අයත් ඒ සිංහල රාජවංශය පිළිබඳ අපූර්ව ඉතිහාස කථාව මෙතෙක් කියවා නැද්ද? ඔබ බෞද්ධයෙක් ද? ඔබගේ බෞද්ධ පරම්පරාවට උතුම් බුදු දහම ලැබූ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මෙතෙක් කියවා නැද්ද? එසේ නම් වහා ම කියවන්න… කියවන්න ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව

සිංහල ජන ගීයක්

භවන් තෙපුළ සොමි ගුණෙහි ළතාවේ රුවන් වැලක මිණි ඇමුණු ළතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ බෙලෙන් ඔබට සෙත දෙන් මෙ පතාවේ දළදා ඉර ගුණ තුන් ලොව පැතිර යනා අණසක පවතිනවයි මේ මුළු දෙරණා අණ විණ රෝග දොස දුරු කර බල වඩනා ගණ දෙවි නුවණ ලැබ සතොසින ආවඩනා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද