Skip to main content

Posts

Showing posts from February, 2020

සිංහල ජන ගීයක්

භවන් තෙපුළ සොමි ගුණෙහි ළතාවේ රුවන් වැලක මිණි ඇමුණු ළතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ බෙලෙන් ඔබට සෙත දෙන් මෙ පතාවේ දළදා ඉර ගුණ තුන් ලොව පැතිර යනා අණසක පවතිනවයි මේ මුළු දෙරණා අණ විණ රෝග දොස දුරු කර බල වඩනා ගණ දෙවි නුවණ ලැබ සතොසින ආවඩනා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද