Skip to main content

කරත්ත කවි



එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා

වයිර ගොනා දණ ගහලා දිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

බතල කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අලගලේ කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමණල කන්ද

Comments