Skip to main content

බුදු මුවින් විශ්වය ගැන බිදක්

එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ....(පෙ).... එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා. ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”

“පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.”

දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි ....(පෙ).... “පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.”

තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා. ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”

“පින්වත් ආනන්ද, ඔබ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහලා තියෙනවද?”

“භාග්‍යවතුන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. සුගතයන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් එය මතක තබාගන්නවාමයි.”

“එසේ වී නම් පින්වත් ආනන්ද, සවන් යොමා අසන්න. ....(පෙ).... පින්වත් ආනන්ද, යම්තාක් සඳ හිරුගේ ගමන්මග තිබෙනවා නම්, දිශාවන් බබලනවා නම්, ඒ තාක් තැන් සහස්‍රී ලෝකධාතුවයි (this may be the Milkyway Galaxy). ඒ සහස්‍රී ලෝකධාතුවෙහි දහසක් චන්ද්‍රයන් තියෙනවා. දහසක් සූර්යයන් තියෙනවා. දහසක් සිනේරු පර්වත තියෙනවා. දහසක් දඹදිව් තියෙනවා. දහසක් අපරගෝයාන තියෙනවා. දහසක් උතුරුකුරු දිවයින් තියෙනවා. දහසක් පූර්ව විදේහයන් තියෙනවා. හාරදහසක් මහා සමුද්‍රයන් තියෙනවා. හාරදහසක් මහා රාජයන් ඉන්නවා. දහසක් චාතුම්මහාරාජික තියෙනවා. දහසක් තව්තිසාවන් තියෙනවා. දහසක් යාමයන් තියෙනවා. දහසක් තුසිතයන් තියෙනවා. දහසක් නිම්මාණරතීන් තියෙනවා. දහසක් පරනිම්මිත වසවත්තීන් තියෙනවා. දහසක් බ්‍රහ්මලෝක තියෙනවා. පින්වත් ආනන්ද, මේකට තමයි කියන්නේ ‘සහස්‍රී චූලනිකා ලෝක ධාතුව’ කියලා.

පින්වත් ආනන්ද, යම්තාක් සහස්‍රී චූලනිකා ලෝක ධාතුවක් වෙයිද, එබඳු වු ලෝකධාතූන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද, මේකට තමයි ‘ද්විසහස්‍රී මජ්ඣිමා ලෝක ධාතුව’ කියලා කියන්නේ.

පින්වත් ආනන්ද, යම්තාක් ද්විසහස්‍රී මජ්ඣිමා ලෝක ධාතුවක් වෙයිද, එබඳු වූ ලෝකධාතූන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද, මේකට තමයි ‘තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව’ කියල කියන්නේ.



පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැති වන සේක් නම්, තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සළස්වන්න පුළුවනි. තවත් කැමැති වෙනවා නම් එයටත් එහා කටහඬ අසන්නට සළස්වන්න පුළුවනි.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ කොයි ආකාරයෙන්ද? තවත් එහාට වුනත් කැමැති සේක් නම් ස්වරය අසන්නට සළස්වන්නේ කොයි ආකාරයෙන්ද?”

“පින්වත් ආනන්ද, මෙහිලා තථාගතයන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවනවා. යම් කලෙක එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනාගන්නවා නම්, එකල්හී තථාගතයන් වහන්සේ බ්‍රහ්මඝෝෂය කරනවා. ශබ්දය අසන්නට සළස්වනවා. පින්වත් ආනන්දය, ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ. තවත් එහාට වුනත් කැමැති සේක් නම් ස්වරය අසන්නට සළස්වන්නේ.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හට මෙකරුණ පැවසුවා. “මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක්ද, මෙවැනි මහා ආනුභාව ඇති සේක්ද, එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි. ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි” කියලා.

එසේ පැවසූ විට ආයුෂ්මත් උදායී තෙරුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කිව්වා. “කිම ආයුෂ්මත් ආනන්ද, ඔබගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක් නම්, මෙවැනි මහා ආනුභාව ඇති සේක් නම්, මෙහිලා ඔබ කවුද?”

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි තෙරුන් හට මෙය වදාළා. “පින්වත් උදායි, එහෙම කියන්න එපා! පින්වත් උදායි එහෙම කියන්න එපා! ඉදින් උදායි, ආනන්දයන් රාගය ප්‍රහාණය නොකොට කළුරිය කරනවා නම්, ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කොට ගෙන සත්වරක් දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවනි. මේ දඹදිව් තලයේම සත්වරක් මහා රාජ්‍යය කරන්ටත් පුළුවනි. නමුත් උදායි, ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.”

සාදු! සාදු!! සාදු!!!

අංගුත්තර නිකාය තික නිපාතෝ ආනන්ද වර්ගය

https://sutta.mahamevnawa.lk/Deshana/Index/2674




සම්පූර්ණ ධර්ම දේශනාවට අදාළ වීඩියෝව






Comments

Popular posts from this blog

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%

දත් කැකුළු පාලා කතාව

නිතර වීදි සංචාරය කර තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම සවැනි පැරකුම්බා රජුගේ සිරිතක් ව පැවතුනා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමිදුලක කෙළිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවකු දුටුවා. රජතුමාට මේ ළදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. සවැනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා පහත ලියා ඇති කවිය ළදරුවාට ඇසෙන සේ ගායනා කලා. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොලඳ බස් දීලා කෙළී සියොලඟ දූලි ගාලා ඉතින් ඒ කවිය ඇසූ අර කුඩා ළදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ කවියයි. මා වැනි බිළින්ඳා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ සවැනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුනා. ඉතින් මේ ළදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගැන්වූවා. මෙම ළදරුවා පසුකලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය සහ සැළලිහිණි සන්දේශය වැනි අග්‍රග්න්‍යයේ කෘතීන් රාශියක් සම්පාදනය කලා. උපුටා ගැනීම: https://si.wikibooks.org/wiki/කණිෂ්ඨ විකි:පැරකුම්බා රජතුමා සහ ළමයා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද