සිංහල පැරණි ජන කියමන්
- නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනලු
- කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙං
- හවුලේ කැදත් එපා
- හැමදා නියං එක දා වැහි වලාවේ
- වැඩි සෙනේ දබරෙටයි
- ලහත් තිඹයි, තිඹත් ලහයි
- මගුල් දාට මුත්තත් අමුත්තයි
- බලය දැකැ මුදලේ - කුළය රිංගා ගියයි අකුලේ
- වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ
- වෙහෙර ගිලපු ඇතාට අග්ගල කජ්ජක්ද කියලත් කියනවා
- දත් නැති දා උක් දඬු ගිනි තපින්නද
- කන කොකාගේ සුද පේන්නෙ ඉගිලෙන කොටලු
- හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවලු
- වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්
Comments
Post a Comment
LEAVE YOUR COMMENTS HERE...