Skip to main content

ඡත්ත මානවක ගාථා



බුදුරජාණන් වහන්සේ විසින් ඡත්ත මානවකයන් හට දේශණා කළ ගාථා.

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපේහී

කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

රාග විරාග මනේජ මසෝකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපේහි

ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපේහි

යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.


උපුටා ගැනීම
දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා




Comments

Popular posts from this blog

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%

දත් කැකුළු පාලා කතාව

නිතර වීදි සංචාරය කර තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම සවැනි පැරකුම්බා රජුගේ සිරිතක් ව පැවතුනා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමිදුලක කෙළිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවකු දුටුවා. රජතුමාට මේ ළදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. සවැනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා පහත ලියා ඇති කවිය ළදරුවාට ඇසෙන සේ ගායනා කලා. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොලඳ බස් දීලා කෙළී සියොලඟ දූලි ගාලා ඉතින් ඒ කවිය ඇසූ අර කුඩා ළදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ කවියයි. මා වැනි බිළින්ඳා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ සවැනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුනා. ඉතින් මේ ළදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගැන්වූවා. මෙම ළදරුවා පසුකලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය සහ සැළලිහිණි සන්දේශය වැනි අග්‍රග්න්‍යයේ කෘතීන් රාශියක් සම්පාදනය කලා. උපුටා ගැනීම: https://si.wikibooks.org/wiki/කණිෂ්ඨ විකි:පැරකුම්බා රජතුමා සහ ළමයා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද