Skip to main content

ඡත්ත මානවක ගාථා



බුදුරජාණන් වහන්සේ විසින් ඡත්ත මානවකයන් හට දේශණා කළ ගාථා.

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපේහී

කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

රාග විරාග මනේජ මසෝකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපේහි

ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපේහි

යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.


උපුටා ගැනීම
දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා




Comments

Popular posts from this blog

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%...

මෛත්‍රී භාවනාව (පාළි – සිංහල)

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා.. අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා.. අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.. සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද, මාතා පිතරෝ – මව් පියවරු ද, හිත සත්තා – හිතවත් සත්වයෝ ද, මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද, වේරීසත්තා – වෛරී සත්වයෝ ද, අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා, අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා.. අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා.. සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා.. දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා.. යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා.. කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය. ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින, ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින, ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින, ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින, ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින, ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින, ඉස්සර ජනා – අධිපති ජනයෝ, සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු, සබ්බේ සත්තා – සියලු සත්වයෝ, අවේරා හො...