Skip to main content

මහාවංශය – ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව





ඔබ සිංහලයෙක් ද?


ඔබගේ සිංහල ජාතියට අයත් ඒ සිංහල රාජවංශය පිළිබඳ අපූර්ව ඉතිහාස කථාව මෙතෙක් කියවා නැද්ද?


ඔබ බෞද්ධයෙක් ද?

ඔබගේ බෞද්ධ පරම්පරාවට උතුම් බුදු දහම ලැබූ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මෙතෙක් කියවා නැද්ද?
එසේ නම් වහා ම කියවන්න…


කියවන්න ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව


Comments

Popular posts from this blog

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%...

දත් කැකුළු පාලා කතාව

නිතර වීදි සංචාරය කර තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම සවැනි පැරකුම්බා රජුගේ සිරිතක් ව පැවතුනා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමිදුලක කෙළිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවකු දුටුවා. රජතුමාට මේ ළදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. සවැනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා පහත ලියා ඇති කවිය ළදරුවාට ඇසෙන සේ ගායනා කලා. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොලඳ බස් දීලා කෙළී සියොලඟ දූලි ගාලා ඉතින් ඒ කවිය ඇසූ අර කුඩා ළදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ කවියයි. මා වැනි බිළින්ඳා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ සවැනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුනා. ඉතින් මේ ළදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගැන්වූවා. මෙම ළදරුවා පසුකලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය සහ සැළලිහිණි සන්දේශය වැනි අග්‍රග්න්‍යයේ කෘතීන් රාශියක් සම්පාදනය කලා. උපුටා ගැනීම: https://si.wikibooks.org/wiki/කණිෂ්ඨ විකි:පැරකුම්බා රජතුමා සහ ළමයා

මෛත්‍රී භාවනාව (පාළි – සිංහල)

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා.. අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා.. අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.. සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද, මාතා පිතරෝ – මව් පියවරු ද, හිත සත්තා – හිතවත් සත්වයෝ ද, මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද, වේරීසත්තා – වෛරී සත්වයෝ ද, අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා, අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා.. අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා.. සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා.. දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා.. යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා.. කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය. ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින, ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින, ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින, ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින, ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින, ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින, ඉස්සර ජනා – අධිපති ජනයෝ, සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු, සබ්බේ සත්තා – සියලු සත්වයෝ, අවේරා හො...