Skip to main content

රතන සූත්‍රය සිංහල අර්ථය සමග

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

භූත පිරිස් කිසිවෙකු මෙහි - සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ - ඒ හැම එක් වුන
සියළු භූතයෝ සැප ඇති - සිත් ඇති වෙත්වා!
එමෙන්ම මා පවසන දෙය - හොඳින් අසත්වා!

තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

සියළු භූතයනි එනිසා - අසව් යොමා සිත
මෙත් සිත පතුරව් නිතරම - හැම මිනිසුන් වෙත
ඒ කිසිවෙක් තොප හට පින් - දිව රෑ පුද දෙත
පමා නොවී තෙපි ඒ හැම - නිති සුරැකිය යුත

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

මෙහි හෝ පරලොව හෝ ඇති - යම් වස්තුවකට
දෙව්ලොව හෝ තිබෙනා යම් - උතුම් ම මැණිකට
නොහැකිය ගන්නට කිසිවිට - බුදු රජ සම කොට
මෙය බුදු සමිඳුගෙ පවතින - උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

කෙලෙස් නසන වීතරාගි - අමා නිවන යුතු
යම් දහමක් ලැබුවේ නම් - මුනිඳු සමාහිත
ඒ දහම ට සම කළ හැකි - කිසිවක් ලොව නැත
මෙය සදහම් තුළ පවතින - උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධි මානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

බුදු සමිඳුන් අගය කළේ - ‘හොඳ’ යයි යමකට
සමාධියයි එය, අතරක - නොරැඳෙන කිසිවිට
ගත නොහැකිය කිසිවක් ඒ - සමවත සමකොට
මෙය සදහම් තුළ පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

යේ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

පුද්ගලයෝ අට දෙනෙක් ය - හොඳ අය පසසන
සතර දෙනෙකි මේ උතුමන් - යුගළ විලස ගෙන
මේ අය බුදු සව්වෝ වෙති - දනට සුදුසු වන
මහත් ඵලය ලැබදෙයි - මෙතුමන්ට පුදන දන
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතම සාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගයිහ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

යමෙක් පිළිවෙතින් යුතු වෙ ද - මනසින් දැඩි කොට
නික්මෙන හැම කෙලෙසුන්ගෙන් - බුදු සසුනෙහි සිට
ඒ උතුමන් පැමිණිය පසු - සුන්දර නිවනට
වළඳති සුවසේ නිවන ම - සිතු සිතු විලසට
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා
චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

සිට වූ ගල් ටැඹක් විලස - පොළොවේ දැඩි ලෙස
සතර දිගින් එන සුළඟින් - නොසැලේ කිසි ලෙස
යමෙක් ‘ආර්ය සත්‍යය’ දකිත් නම් මෙහි ඇති ලෙස
ඒ සත්පුරුෂයට කියමි - මෙය උපමා ලෙස
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

යේ අරියසච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

ගැඹුරු නුවණ ඇති බුදු සමිඳුන් පවසන ලද
‘ආර්ය සත්‍යයන්’ මැනවින් - දුටු යමෙකුන් වෙද
භවයේ රැඳෙමින් කොතරම් - පමාව සිටිය ද
ඔවුන් නො එත්ම ය අටවැනි - භවයට කිසි ලෙද
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡ චාභිඨානානි අභබ්බෝ කාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

ඔහු තුළ ඇති වන විටදි ම - මගඵල නුවණත්
සංයෝජන තුනක් ම - දුරුවෙයි තම සිතිනුත්
සක්කාය දිට්ඨියත් සමඟ - දහමේ සැකයෙනුත්
සීල ව්‍රතයට බැඳී තිබෙන - මේ කරුණේනුත්
සතර අපායෙන් හෙතෙමේ - මිදෙයි මනාකොට
නො කරයි සය තැනක කර්ම - වැටෙන අපායට
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

කිසියම් පව් කමක් ඔහුගෙ - අතින් කෙරුණ විට
කයින් වචනයෙන් හෝ - චේතනාව මුල් කොට
එය සඟවා ගෙන සිටින්ට - නො හැකිය ඔහු හට
දහමකි මෙය සදහම් - දැක ගත්තු කෙනා හට
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි
නිබ්බානගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

ගිම්හානේ පළමුව එන - වසන්ත කාලෙට
මල් පල බර වෙයි - වනගොමු වල සිරියාවට
දෙසූ සේක උත්තම සිරි - සදහම් එලෙසට
පරම සුවය සදමින් එය - ගෙන යයි නිවනට
මෙය බුදු සමිඳු ගෙ පවතින - උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

වරෝ වරඤ්ක්‍දූ වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයි
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

උතුම් මුනිඳු උතුම් දහම් - දැන එය බෙදමින
දෙසූ සේක උතුම් අනුත්තර සදහම් බණ
මෙය බුදු සමිඳු ගෙ පවතින - උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණ බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථායංපදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

වැනසුනි හැම පැරණි කර්ම - යළි නොම රැස් වෙන
නො ඇලෙයි සිත අනාගතේ - කිසි භවයක් ගැන
වැනසී ගිය බිජුවට - කිසිදා නො ම පැළවෙන
නිවෙති රහත් සඟ නිවෙනා - මෙ පහන විලසින
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා!

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්සපූජිතං
බුද්ධං නමස්සාම සුවත්‍ථි හෝතු!

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන ‘බුදු සමිඳුන්’ වන
නමඳිමු අපි ඒ බුදුරජ සෙත සැලසේවා!

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්සපූජිතං
ධම්මං නමස්සාම සුවත්‍ථි හෝතු!

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන ‘බුදු සමිඳුන්’ වන
නමඳිමු අපි සිරි සදහම් සෙත සැලසේවා!

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්සපූජිතං
සංඝං නමස්සාම සුවත්‍ථි හෝතු!

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන ‘බුදු සමිඳුන්’ වන
නමඳිමු අපි බුදු පිරිස ද සෙත සැලසේවා!



රතන සුත්තං නිට්ඨිතං.

මැණික් ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!


උපුටා ගැනීම
මැණික් ගැන වදාළ දෙසුම

Comments

Popular posts from this blog

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%

දත් කැකුළු පාලා කතාව

නිතර වීදි සංචාරය කර තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම සවැනි පැරකුම්බා රජුගේ සිරිතක් ව පැවතුනා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමිදුලක කෙළිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවකු දුටුවා. රජතුමාට මේ ළදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. සවැනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා පහත ලියා ඇති කවිය ළදරුවාට ඇසෙන සේ ගායනා කලා. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොලඳ බස් දීලා කෙළී සියොලඟ දූලි ගාලා ඉතින් ඒ කවිය ඇසූ අර කුඩා ළදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ කවියයි. මා වැනි බිළින්ඳා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ සවැනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුනා. ඉතින් මේ ළදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගැන්වූවා. මෙම ළදරුවා පසුකලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය සහ සැළලිහිණි සන්දේශය වැනි අග්‍රග්න්‍යයේ කෘතීන් රාශියක් සම්පාදනය කලා. උපුටා ගැනීම: https://si.wikibooks.org/wiki/කණිෂ්ඨ විකි:පැරකුම්බා රජතුමා සහ ළමයා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද