Skip to main content

ඛන්ධ පිරිත සිංහල අරථය සමග


විරූපක්ඛේහි මේ මෙත්තං - මෙත්තං ඒරාපථේහි මේ
ඡබ්‍යාපුත්තේහි මේ මෙත්තං - මෙත්තං කණ්හාගෝතමකේහි ච

විරූපාක්ෂ සර්ප රාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
ඒරාපථ සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
කණ්හාගෝතමක සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා

අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපාදකේහි මේ
චතුප්පදේහි මේ මෙත්තං - මෙත්තං බහුප්පදේහි මේ


පා කිසිවක් නැති සියලු සතුන් වෙත මාගේ මෙත් සිත වේවා
දෙපයින් යුතු වූ සියලු සතුන් වෙත මාගේ මෙත් සිත වේවා
පා සතරක් ඇති සියලු සතුන් වෙත මාගේ මෙත් සිත වේවා
බොහෝ පාද ඇති සියලු සතුන් වෙත මාගේ මෙත්සිත වේවා

මා මං අපාදකෝ හිංසි - මා මං හිංසි දිපාදකෝ
මං මං චතුප්පදෝ හිංසි - මා මං හිංසි බහුප්පදෝ

පාද රහිත වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
දෙපයින් යුතු වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
පා සතරක් ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
බොහෝ පාද ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා

සබ්බේ සත්තා සබ්බේ පාණා – සබ්බේ භූතා ච කේවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා

ලොවේ සියලු ම සත්වයෝ, ලොවේ පණ ඇති සියල්ලෝ
ලොවේ ඉපදී සිටින්නා වූ යම්තාක් වූ සත්වයෝ
සියල්ලෝ යහපත දකිත්වා! කිසිම දුකකට පත් නොවෙත්වා!

අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ, අප්පමාණෝ සංඝෝ

අපමණ ගුණ ඇති සේක් ම ය බුදුරජාණෝ
නවලොව්තුරා සදහම් අපමණ ගුණයෙන් යුතු ම ය
උතුම් බුදු සව්වෝ අපමණ ගුණෙන් යුතු වූවෝ

පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා
සතපදි උණ්ණානාභි සරබූ මූසිකා

සියලු ම සර්පයෝ ද ගෝණුසුවෝ ද
පත්තෑයෝ ද මකුළුවෝ ද සිකනැල්ලෝ ද මීයෝ ද
කෙලෙසුන්ගෙන් සීමා වී ඇති හෙයින් ප්‍රමාණ සහිතයෝ ය.

කතා මේ රක්ඛා, කතා මේ පරිත්තා
පටික්කමන්තු භූතානි. සෝහං නමෝ භගවතෝ
නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං’ති.

මා විසින් ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ ගුණය සිහි කිරීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලද්දේ ය. මා හට රැකවරණ සලසා ගන්නා ලද්දේ ය. මා කෙරෙහි අහිතවත් වූ භූතයෝ බැහැරට යත්වා! ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සත්බුදුවරයන් වහන්සේලාට නමස්කාර කරමි.



උපුටා ගැනීම
සියලු විෂ නසන දිව්‍ය ඖෂධ මන්ත්‍රය නම් වූ ඛන්ධ පිරිත

Comments

Popular posts from this blog

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%

දත් කැකුළු පාලා කතාව

නිතර වීදි සංචාරය කර තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම සවැනි පැරකුම්බා රජුගේ සිරිතක් ව පැවතුනා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමිදුලක කෙළිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවකු දුටුවා. රජතුමාට මේ ළදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. සවැනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා පහත ලියා ඇති කවිය ළදරුවාට ඇසෙන සේ ගායනා කලා. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොලඳ බස් දීලා කෙළී සියොලඟ දූලි ගාලා ඉතින් ඒ කවිය ඇසූ අර කුඩා ළදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ කවියයි. මා වැනි බිළින්ඳා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ සවැනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුනා. ඉතින් මේ ළදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගැන්වූවා. මෙම ළදරුවා පසුකලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය සහ සැළලිහිණි සන්දේශය වැනි අග්‍රග්න්‍යයේ කෘතීන් රාශියක් සම්පාදනය කලා. උපුටා ගැනීම: https://si.wikibooks.org/wiki/කණිෂ්ඨ විකි:පැරකුම්බා රජතුමා සහ ළමයා

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද