Skip to main content

අංගුලිමාල පිරිත සිංහල අර්ථය සමග


 පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධෝවනං
උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධේති තං ඛණේ
ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
කප්පට්ඨායිමහාතේජං – පරිත්තං තං භණාමහේ

ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරු කර දමන්නේ ය. ගර්භිණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නී ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු.

ඒ ගාථාවලින් ඒ පිරිතේ බලය ගැනයි කියවෙන්නේ. බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ අංගුලිමාල ස්වාමීන් වහන්සේගේ බලය කල්පයක් පවතීවා යි අධිෂ්ඨාන කර තිබෙනා සේක. අනාගත බුද්ධ ශාසනයේ ද කුසදරු මව්වරුන්ට සුවසේ දරුවන් ප්‍රසූත කිරීමට අංගුලිමාල පිරිත ම, මෛත්‍රී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කරනු ඇත. ඒ උතුම් සත්‍යක්‍රියාව මෙසේ ය.

යථෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ
නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා,
තේන සච්චේන සොත්ථි තේ හෝතු, සොත්ථි ගබ්භස්සාති.

“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙම් ද එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! දරුගැබට ද සෙත් වේවා!”

උපුටා ගැනීම
මහ පිරිත නම් වූ අංගුලිමාල පිරිත

Comments

Popular posts from this blog

කරත්ත කවි

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා වයිර ගොනා දණ ගහලා දිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා බතල කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අලගලේ කන්ද හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමණල කන්ද

වන්දනා ගාථා සිංහල අර්ථය සමග

වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි! යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි. ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා උපුටා ගැනීම් http://www.budusarana.lk/budusarana/2018/03/01/tmp.asp?ID=vision08 http://www.nirvanadhamma.lk/compassion-wing/pragnawa-pirunu-karunawa/pragnawantha-prathipatti-pooja/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/%E0%B6%A0-%E0%B6%AD-%E0%B6%BA-%E0%B6%B4-%E0%B6%A2-%E0%B6%9A%E0%...

මෛත්‍රී භාවනාව (පාළි – සිංහල)

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා.. අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා.. අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.. සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද, මාතා පිතරෝ – මව් පියවරු ද, හිත සත්තා – හිතවත් සත්වයෝ ද, මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද, වේරීසත්තා – වෛරී සත්වයෝ ද, අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා, අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා.. අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා.. සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා.. දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා.. යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා.. කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය. ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින, ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින, ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින, ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින, ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින, ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින, ඉස්සර ජනා – අධිපති ජනයෝ, සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු, සබ්බේ සත්තා – සියලු සත්වයෝ, අවේරා හො...