නිතර වීදි සංචාරය කර තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම සවැනි පැරකුම්බා රජුගේ සිරිතක් ව පැවතුනා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමිදුලක කෙළිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවකු දුටුවා. රජතුමාට මේ ළදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. සවැනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා පහත ලියා ඇති කවිය ළදරුවාට ඇසෙන සේ ගායනා කලා. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොලඳ බස් දීලා කෙළී සියොලඟ දූලි ගාලා ඉතින් ඒ කවිය ඇසූ අර කුඩා ළදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ කවියයි. මා වැනි බිළින්ඳා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ සවැනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුනා. ඉතින් මේ ළදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගැන්වූවා. මෙම ළදරුවා පසුකලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය සහ සැළලිහිණි සන්දේශය වැනි අග්‍රග්න්‍යයේ කෘතීන් රාශියක් සම්පාදනය කලා. උපුටා ගැනීම: https://si.wikibooks.org/wiki/කණිෂ්ඨ විකි:පැරකුම්බා රජතුමා සහ ළමයා
You affect the world by what you browse. - Tim Berners-Lee